Friday, October 25, 2024
Follow Us
සුරූපී නිළියට ඇප දීම හෙටට කල් යයි

විනිසුරුගේ තීරණය හෙට


ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර ඇති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය ඉන්දීය නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට ඇප ලබා දෙන්නේද නැද්ද යන තීරණය හෙට (11) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අද (10) එම නඩුව කැඳවූ අවස්ථාවේදි එය හෙට දින දක්වා කල් තැබීමට අධිකරණ විනිසුරු නියෝගය කළේය.

විනිසුරු ශෛලේන්ද්‍ර මලික් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතිඥවරුන් සහ රජයේ නීතිඥවරුන්ගේ තර්ක වලට සවන්දීමෙන් පසුවයි.

නඩු විභාගයේදී ෆර්නැන්ඩස් මහත්මිය විමර්ශන කටයුතු සඳහා සහාය ලබා නොදෙන බවත් රටින් පිටවීමේ අවදානමක් තිබෙන බවත් මූල්‍ය අපරාධ අංශය පවසා තිබේ.

Aruna