Friday, October 25, 2024
Follow Us
ධනුෂ්කගේ නඩුවෙන් නීතිඥයා ඉවත්වේ

නරක වැඩේ කරපු ධනුෂ්ක තරුණියගෙ හුස්මත් හිරකරලා


තමාට සිදුකළ ලිංගික අතවරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් කිහිප වතාවක්ම තමාගේ හුස්ම හිර කළ බව වින්දිත කාන්තාව චෝදනා කර ඇති බව සිඩ්නි අධිකරණය විසින් නිකුත් කරන ලද ලේඛනවලින් අනාවරණය වී තිබේ.

නිව් සවුත් වේල්ස් පොලිසියේ තොරතුරු පත්‍රිකාවට අනුව, අදාළ කාන්තාවගේ නිවසේදී, ධනුෂ්ක ගුණතිලක “බලහත්කාරයෙන්” ලිංගික සංසර්ගයේ යෙදුණු බවට චෝදනා එල්ල කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු “තත්පර 20-30ක් ඇගේ ගෙල වටා එක් අතක් තබා ඇයගේ ගෙල සිර කළ” බව කියනු ලැබේ. අදාළ බලහත්කාරය සම්බන්ධයෙන් මෙම කාන්තාව ලිංගික අතවර විමර්ශනයකට මෙන්ම මොළයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති බවද අධිකරණයේදී අනාවරණය කර තිබේ. මෙම තොරතුරු සඳහන් කර ඇත්තේ ඊයේ (09) කැඳවන ලද ධනුෂ්ක ගුණතිලකට අදාළ නඩුව පිළිබඳව වාර්තා කරන සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත විසිනි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවේ කරුණු ප්‍රසිද්ධ කිරීමට සිඩ්නි මහෙස්ත්‍රාත්වරයා ඊයේ(09) ජනමාධ්‍ය වෙත අවසර ලබාදුන්නේය. සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට, මීට පෙර ජනමාධ්‍ය වෙත පනවා තිබූ වරණ නියෝගය ඊයේ අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉවත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත. අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනාව ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ධනුෂ්ක ගුණතිලක ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙහිදී පොලිසිය විසින් අදාළ අතවරය සිදුවූ ආකාරය පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එම සම්පුර්ණ වාර්තාව සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත අනාවරණය කර ඇත.

මෙහිද ධනුෂ්ක ගුණතිලක විසින් පැමිණිලිකාරියගේ ඇතැම් ප්‍රකාශ පිළිගෙන ඇති නමුත්, බලහත්කාරය සහ කාන්තාවගේ අකමැත්ත පැවැති බවට වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පසුගිය සඳුදා අධිකරණයේ පෙනී සිටි නීතිඥ ආනන්ද අමරනාත් නඩුවෙන් ඉවත් වී ඇත. ඒ වෙනුවට නඩු විභාගයේදී ධනුෂ්ක වෙනුවෙන් බැරිස්ටර් සෑම් පරරාජසිංහම් සහ සොලිසිටර් සාරා බ්ලැක් ඊයේ පෙනී සිටියහ.

Aruna