Friday, October 25, 2024
Follow Us
රුසියානු හමුදාව හදිසියේම යුක්‍රේන ප්‍රධාන නගරයකින් ඉවත්වෙයි

රුසියානු හමුදාවේ ඉවත්වීම ගැන යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්


යුක්‍රේනයේ කේසන් (Kherson) නගරයෙන් ඉවත්වන ලෙසට රුසියාව සිය හමුදාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙබරවාරි මාසයේ සිට සිදුකරනු ලැබූ රුසියානු ආක්‍රමණයේදී මුළුමනින්ම සිය පාලනයට ගත් එකම ප්‍රධාන නගරය වන්නේද කේසන් නගරයයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මෙවැන්නකි.

“යුක්රේන ධජය කේසන් (Kherson) නගරයට ඉහළින් පියාසර කරන තුරු, රුසියානු ඉවත්වීමක් ගැන කතා කිරීම තේරුමක් නැත.”

Aruna