Friday, October 25, 2024
Follow Us
පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

නවසීලන්තයට අන්ත පරාජයක්


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම අද සමත්විය.

ඒ, ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලබාගත්තේ ලකුණු 152ක් පමණීයි.

නවසීලන්තය වෙනුවෙන් ඩැරිල් මිචෙල් නොදැවී ලකුනු 53ක් රැස්කර ගැනීමට සමත් විය.

කේන් විලියම්සන් ලකුනු 46යි .

පන්දු යැවීමේදි පාකිස්ථානය වෙනුවෙන් සහීන් ෂා අෆ්රිඩි කඩුළු 2ක් දවා ගත්තේය.

අනතුරුව සිඩ්නි පිටියට පැමිණි පාකිස්ථාන පිල පන්දුවාර 19යි පන්දු 1 ක් තුළ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 153 ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

පාකිස්ථානය වෙනුවෙන් මොහොඩ් රිස්වාන් ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත්විය.

නායක බාබර් අසාම් ලකුණු 53යි.

මොහොමඩ් හාරිස් ලකුණු 30යි.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ඩ් කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව පාකිස්ථානයට කඩුළු 7ක් ජයක් හිමිවූ අතර, පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

Aruna