Friday, October 25, 2024
Follow Us
ශ්‍රී ලංකාව තනි නොකරන බවට චීනයෙන් ප්‍රකාශයක්.

මෙරට ණය ප්‍රතිව්‍යුවහගතකරණය සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග කොළඹ පිහිටි චීන තානාපති කාර්ලයාලයේ පැවැති හමුවකදී චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දක්වන බවයි චීන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාව කිසිසේත්ම තනි නොකරමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගෙන යථාතත්ත්වයට පත් කර ගැනීමට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවට චීන තානාපතිවරයා එහිදී සහතික වී ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා.

Neth