Friday, October 25, 2024
Follow Us
වැරදීමකින් ගෙදර යැවූ බව පවසා ට්විටර් සිය සේවකයින් යළි කැදවයි

ආන්දෝලනාත්මක රැකියා කප්පාදුව යටතේ සේවකයින් රැකියාවලින් ඉවත් කළ ට්විටර් සමාගම එලෙස සේවයෙන් ඉවත් කළ පිරිසකට යළි සේවයට පැමිණෙන්නැයි දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ඇතැම් සේවකයින්ව එලෙස යළි කැදවා ඇත්තේ අත්වැරදීමකින් සේවයෙන් ඉවත් කළ බවට දන්වා යවමින් බවයි. එම සේවකයින් ආයතනයට අවශ්‍ය බවට කළමණාකාරීත්වය විසින් ඔවුන්ට දන්වා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සේවකයින් පිරිසට යළි සේවයට වාර්තා කරන ලෙස දන්වා යවා ඇත්තේ ඔවුන්ව සේවයෙන් ඉවත් කර දින 2කට පසුව වීම විශේෂත්වයක්. කෙසේවෙතත් ට්විටර් සමාගම විසින් එලෙස සේවයට කැදවා ඇත්තේ කොපමණ සේවකයින් පිරිසක්ද යන්න නිශ්චිතව අනාවරණය කර නැහැ.

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් ඉකුත් දා ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව එහි ශ්‍රම බළකායෙන් සියයට පනහක් ඉවත් කිරීමට තීරණය කර තිබුණා.

Neth