Saturday, October 26, 2024
Follow Us
නඩුව දිනන්න පුළුවන්, වරද පිළිගන්නේ නෑ – ධනුෂ්ක ගැන අලුත්ම කතාව

නීතිඥවරයෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්


ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවන්වලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියාචනයක් ගොනුකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක පවසයි.

එමෙන්ම අදාළ නඩු විභාගය මාධ්‍යවේදීන් නොමැතිව පැවැත්වීමට කළ ඉල්ලීමට විරෝධය පලකළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර අදාළ නඩුවේ ජයග්‍රහණය හිමිකරගත හැකි බැවින් වරද පිළිගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක වැඩිදුරටත් පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක,

“දැන් මේකට අපි අභියාචනයක් කරන්නයි යන්නේ. අභියාචනය පැය 24 ක් හරි පැය 48ක් ඇතුළත ගොනුකරන්න ඕන. ඒ ගැන අපේ නීතිඥ ආනන්ද අමරනාත් මහත්මයා වැඩකරගෙන යනවා. අභියාචනයට අපි බලාපොරොත්තු වෙනවා නිව් සවුත් වේල්ස් හි හිටපු නීතිපතිවරයාවත් මේකට ඇතුළත් කරගන්න. අභියාචනය සුමානයකින් විතර ගන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. නඩුව ඊළඟ දවස හැටියට සඳහන් කරලා තියෙන්නේ ජනවාරි 12. නඩුව සෑහෙන්න දවසක් එතකොට ඉස්සරහට ඇදෙයි. අධිකරණයේදී ඔවුන් ඉල්ලා හිටියා මේ නඩුව කැඳවන්න කියලා මාධ්‍යවේදීන් නැතුව, නමුත් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වුණා. හැමෝටම දැනගන්න ඕන මොකක්ද වුණේ කියන එක. නැතුව හංගලා මේක අහන්න බැහැයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. අපි බොහොම පැහැදිළිව ස්ථාවරයක ඉන්නවා වැරැද්ද පිළිනොගෙන ඉන්න. දැනට ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුවත් සිද්ධි දාමය දිහා පැහැදිළිව බැලුවාමත් අපිට හිතෙනවා මේක දින්නන්න පුළුවන් නඩුවක් කියලා. ඒ නිසා කිසිම අවශ්‍යතාවයක් නෑ වරද පිළිගන්න.”
https://youtu.be/ftsSQK-Enh4

Aruna