Saturday, October 26, 2024
Follow Us
ජනාධිපති ඊජිප්තුව බලා පිටත්ව යයි

ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ සඳහන් කර සිටිනවා.

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශවයන්ගේ 27 වන සමුළුව ඊජිප්තුවේ ෂාර්ම් අල් ෂෙයික් හි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී හෙට සිට මේ මස 18 වෙනිදා දින දක්වා පැවැත්වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙම සමුළුවට සහභාගී වීම සදහා තවත් දූත පිරිසක් ද පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස අද දින අලුයම 02.50 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට ඔවුන් ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතයි.

Neth