Saturday, October 26, 2024
Follow Us
ජනප්‍රිය සමාගමක් සේවකයින් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සූදානම් වෙයි

කාර්යාලයත් තාවකාලිකව වසා දමයි


ට්විටර් සමාගම සිය සේවකයින්ගෙන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් එක් එක් සේවකයින්ට අද (04) දින ඊ මේල් මගින් දැනුම්දෙන බව සමාගම සදහන් කරයි.

ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගත් අතර එහි හිමිකාරීත්වය ඒ අනුව ඔහු සතුවිය.

අනතුරුව ඔහු පැවසුවේ ට්විටර් සමාගම නව දර්ශනයක් ඔස්සේ මෙහෙයවන බවය.

එසේම සමාගමේ 3,700ක් පමණ වන සේවක සංඛ්‍යාවෙන් අඩක් පමණ ඉවත්කරන බවද ඔහු පැවසීය.

ඒ අනුව ලොව පුරා ඇති ට්විටර් සමාගමේ කාර්යාල වල සේවය කරන සේවකයින්ගේ රැකියා සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ අවිනිශ්චිත බවකි.

රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ එක් එක් සේවකයාට අද රාත්‍රී 09ට ලැබීමට නියමිත ඊ මේල් පණිවුඩය මගින් ඔහු හෝ ඇය ව සේවයෙන් ඉවත්කර ඇත්ද නැත්ද යන්න දැනුම් දීමට නියමිතය.

Aruna