Saturday, October 26, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටෙයි : ඕස්ට්‍රේලියාවට ලකුණු 04ක ජයක්

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 04කින් ජය ගැනීමට සමත් වුවා.



තරගයේ පළමුවෙ පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා. එහිදී ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 29 කදී නොදැවී ලකුණු 54ක් රැස් කළා.

ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කළා.

ඒ අනුව ඕස්ට්‍රේලියා පිල ලකුණු 04කින් තරගයජය ගනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටුණා.


Neth