Saturday, October 26, 2024
Follow Us
හැලෝවින් සාදයේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලේ අයට කොරියානු රජයෙන් වන්දි

දකුණු කොරියාවේ පැවති හැලෝවින් සාදයකදී තෙරපීමකින් මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලේ අයට වන්දි ලබාදෙන බව එරට රජය පවසා තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට කොරියානු තානාපති සන්තූෂ් වොන්ජින් ජියෝන්ග් අතර ඊයේ පැවති හමුවකදී මේ පිළිබඳ දැනුම්දී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ.

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටේවොන් ප්‍රදේශයේ පැවති හැලෝවින් සාදයකදී තෙරපීමෙන් මියගිය පුද්ගලයා මහනුවර, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහොමඩ් ජිනාත් නමැති මෙම පුද්ගලයා මියයන විට 27 හැවිරිදිවියේ පසුවුණා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉකුත්දා සඳහන් කළේ මියගිය මෙම පුද්ගලයා අධ්‍යාපන කටයුතු සඳහා දකුණු කොරියාව වෙත ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. කෙසේවෙතත් ඔහු සරණාගත වීසා මත දකුණු කොරියාවේ රැඳී සිටි අයෙකු බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Neth