Saturday, October 26, 2024
Follow Us
2050 වන විට අප්‍රිකාවේ අන්තිම ග්ලැසියරයත් අහිමිවෙයි

දේශගුණ විපර්යාස හේතුවෙන් 2050 වන විට අප්‍රිකාවේ අවසන් ග්ලැසියර ද දියවී අවසන් වනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ඉදිරි දශක තුන ඇතුළත එක්සත් ජාතීන්ගේ ලෝක උරුමයන් ලෙස නම් කර ඇති ස්ථාන වල ඇති ග්ලැසියර 1/3කටම මෙම ඉරණම අත්වන බව එම වාර්තාවේ දැක්වේ.

මෙලෙස ලොවට අහිමි වනු ඇති ග්ලැසියර අතර අප්‍රිකාවේ කිලිමැන්ජාරෝවේ ග්ලැසියර මෙන්ම යුරෝපයේ ඇල්ප්ස් කඳුවැටියේ හා ඇමෙරිකාවේ යොස්මයිට් ජාතික වනෝද්‍යානයේ ග්ලැසියරද වේ.

මෙම වාර්තාවේ දැක්වෙන්නේ දේශගුණ විපර්යාස මැඩලීමට කෙබඳු පියවර ගැනුනද මෙම ග්ලැසියර දියවී යනු ඇති බවයි.

ලොව ඉතිරි ග්ලැසියර 2/3කම බේරාගත හැකිවන්නේ ඉහලයන ගෝලීය උෂණත්වය සෙල්සියස් අංශක 1.5කට සීමාකරගතහොත් පමණක් බවත්, පසුගිය සතියේ එළිදැක්වුනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනත් වාර්තාවක දැක්වෙන්නේ මෙවැනි ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම සඳහා “විශ්වසනීය මාර්ගයක්” මේ දක්වා හමුවී නැති බවයි.

චන්ද්‍රිකා දත්ත මත පදනම්ව අනාගත කරුණු ඉදිරිපත් මෙම කරන වාර්තාව එළිදක්වා ඇත්තේ, ලබන සතියේ COP27 දේශගුණික විපර්යාස සමුළුව සඳහා ලෝක නායකයින් ඊජිප්තුවේ රැස්වීමට සූදානම් වන පසුබිමකය.

යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස සැලකෙන ස්ථාන 50ක ග්ලැසියර 18,600ක් පමණ ඇතැයි හඳුනාගෙන ඇති අතර, මේවා ලොව පවතින සමස්ථ ග්ලැසියර වලින් 10%කි.

Mirror