Saturday, October 26, 2024
Follow Us
කෝලි මහේල පසුකර යයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි (02) සමත්විය.

කෝලි විසින් මෙලෙස තමන් සතුකරගත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුවලට අදාළ වාර්තාවයි.

ලෝක කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඉනිම් 31කදී ලකුණු 1016ක් රැස්කරගනිමින් මහේල ජයවර්ධන එහි පෙරමුණේ පසුවිය.

මේවනවිට පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරගයේදී අදාල ලකුණු සීමාව පසුකිරීමට විරාත් කෝලි සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් රැස් කළ අතර විරාත් කොලි නොදැවී පන්දු 44 කට මුහුණ දෙමින් ලකුණු 64 ක් රැස් කිරීමට සමත්විය. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ එක් 6 පහරකින් අලංකාරවත්විය.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් බංග්ලාදේශය පන්දුවට මුහුණ දෙමින් සිටි අතර මේ වනවිට වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවතා දමා ඇත.

Mirror