Saturday, October 26, 2024
Follow Us
මාධ්‍යවේදීන් 70කට වැඩි පිරිසක් මේ වසරේදී ඝාතනය වෙලා!

සමාජය තුළ සිය වැදගත් කාර්යභාරය ඉටු කිරීම පමණක්ම හේතුවෙන් 2022 වසර තුළදී මේ දක්වා ලොව මාධ්‍යවේදීන් 70කට අධික පිරිසක් ඝාතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ අදට (02) යෙදී ඇති මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

මෙම අපරාධ බොහොමයක් නොවිසඳී ඇති බවත්, දණ්ඩමුක්තිය යන පොදු සංස්කෘතිය අවසන් කර මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ අත්‍යාවශ්‍ය කාර්යය කිරීමට ඉඩ සැලසිය යුතු බවත් එම මහතා වැඩිදුරටත් පවසා ඇත.

Mirror