ඊශ්‍රායලයේ මහ මැතිවරණයෙන් හිටපු අගමැති බෙන්ජබින් නෙතනියාහු ජයගනු ඇතැයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ ආසන 120 න් 61 හෝ 62 ක් ඔහුට හිමිවනු ඇති බවටයි.
නිල ප්‍රතිපළ මෙතෙක් නිකුත්වී නැතත් බොහෝදුරට හිටපු අගමැති ජයගනු ඇති බවටයි මේ වන විට වාර්තා පළ වන්නේ. නිල නොවන වාර්තා නිකුත්වීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් දැනටමත් ජයග්‍රහණය සමරමින් ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
බෙන්ජබින් නෙතනියාහු යනු ඊශ්‍රායලයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධූරය දැරූ පුද්ගලයායි. ඔහු ඉකුත් වසරේදී බලයෙන් පහ කෙරුණේ අඛණ්ඩ වසර 12 ක පාලනයකින් පසුවයි. ඔහුට එරෙහිව අල්ලස් සහ වංචා චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් පවතිනවා.
Neth