Saturday, October 26, 2024
Follow Us
තානාපති සමරසිංහ ඇමරිකානු රාජ්‍ය සංවිධානය වෙත අක්තපත්‍ර පිළිගන්වයි

මෙක්සිකෝව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවලට සමගාමීව අක්ත ගන්වා ඇති එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 28 වැනි සිකුරාදා දින වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ (OAS) මූලස්ථානයේ දී, එහි මහලේකම් තානාපති ලුයිස් අල්මාග්‍රෝ මහතා හමුවිය. මෙම තත්ත්වය හිමි රටවල් 71 න් එකක් ලෙස සහ, එම සංවිධානයේ නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස එතුමා මෙලෙස සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

ශ්‍රී ලංකා තානාපතිවරයා මහලේකම්වරයා (උරුගුවේ හි හිටපු තානාපතිවරයකු, විදේශ අමාත්‍යවරයකු සහ සෙනෙට් සභිකයකු වේ) සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී වත්මන් ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විස්තර කළේ ය.

LNW