Saturday, October 26, 2024
Follow Us
පාලමක් කඩාවැටී 40ක් මියයයි

බර දරන්න බැරුව පාලම බිමට


ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් 40 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

එලෙස කඩා වැටී ඇත්තේ, එම ප්‍රාන්තයේ ඇති මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පාලම කඩවැටෙන අවස්ථාවේ එහි 400ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වෙයි.

ඔවුන් සාත් පුජාවට සහභාගීවීම සඳහා යමින් සිටියදී එම අනතුර සිදුව ඇත.

එම පාලම යළි සකස් කර දවස් පහකට පෙර විවෘත කර ඇති අතර අධික බර දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පාලම කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Aruna