Saturday, October 26, 2024
Follow Us
කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ඉකුත් දා සිදු කෙරුණා.



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග්, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් සහ දෙරටේම නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

නව තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වීම ගෞරවයක් බවයි මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් සඳහන් කර ඇත්තේ.

පරිසරය සඳහා ගරුත්වය මෙන්ම ශ්‍රී ලාංකීය ගෘහනිර්මාණ ශිල්පය, සංස්කෘතික හා කලාත්මක තේමාවන් අගයමින් මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා දෙරටෙහිම පුද්ගලයන් කැපවීමෙන් යුතුව කටයුතු කළ බවද ජූලි චන්ග් මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වැදගත්කම මෙම නව තානාපත් කාර්යාල ගොඩනැගිල්ලෙන් පෙන්නුම් කෙරෙන බවයි මෙම අවස්ථාවට එක්වූ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් සඳහන් කර ඇත්තේ.

ගාලු පාරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු තනාපති කාර්යාලයේ පැරණි ගොඩනැගිල්ල වෙනුවට නවීන පහසුකම් වලින් යුත් මෙම නව ගොඩනැගිල්ල ඉදි කරනු ලැබුවා.

Neth