Saturday, October 26, 2024
Follow Us
දකුණු කොරියාවේ සිදුවීමෙන් ලාංකිකයෙකුත් ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති සාදයකදී ඇතිවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ද මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවයි. සිද්ධියෙන් තවත් ශ්‍රී ලාංකිකයින් මියගොස් හෝ තුවාල ලබා ඇත්දැයි සොයා බැලීම සඳහා දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේවනවිටත් කටයුතු කරමින් සිටින බවයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දකුණු කොරියාවේ සෝල් අගනුවර රාත්‍රී සාද සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක ඊයේ පැවැති හැලෝවීන් සාදයකදී ඇතිවූ තෙරපුමෙන් පුද්ගලයින් 151 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන් 19 දෙනෙකු විදේශිකයින් බව එරට මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ අතර මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ දකුණු කොරියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සාදය පැවැත්වූ ප්‍රදේශයේ පිහිටි හෝටලයක අවන්හලක ට පැමිණ සිටීයදි ඇයව දැක බලා ගැනීමට බොහෝ දෙනා පටු මාර්ගයක් ඔස්සේ ඉදිරියට පැමිණීමෙන් ඇතිවූ තදබදයක් නිසාවෙන් බවට තොරතුරු ලැබී ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කෙසේ වුවද මෙම සිදුවීමට හේතුවූ කරුණ ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් දකුණු කොරියානු රජය නිවේදනය කර නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

 

Neth