Saturday, October 26, 2024
Follow Us
ලකුණු 65ක ජයක් නවසීලන්තයට

නවසීලන්තයට පහසු ජයක්


ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (29) පැවැති තරගයේ ජය හිමි කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව නවසීලන්තය එම තරගය ලකුණු 65කින් ජය ගත්තේය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව ග්ලෙන් ෆිලිප්ස් ශතකයක් වාර්තා කළේය.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 168 ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථකවීමට නවසීලන්ත පන්දුයවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවීය.

පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.

Aruna