Saturday, October 26, 2024
Follow Us
ශ්‍රී ලංකාව ගැන IMF තීරණාත්මක සාකච්ඡාව ලබන 03 වනදා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් අතර හමුවක් ද සිදුව තිබෙනවා.

එහිදී ද විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ සහ ණය හිමියන්ගේ සමුළුව පිළිබඳවයි.

මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නයක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට මෙහිදී පවසා ඇත්තේ.

Neth