Saturday, October 26, 2024
Follow Us
තවත් ප්‍රමුඛතම සමාගමක වාහන 24,000ක් නැවත කැඳවයි

වාහන හිමිකරුවන්ට පණිවිඩයක්


ඇමරිකාවේ ප්‍රමුඛතම විද්‍යුත් මෝටර් රථය නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම විසින් වසර 2017 සහ 2020 අතර කාලය තුළ දී නිෂ්පාදනය කළ මොඩෙල් 3 වර්ගයේ කාර් රථ 24000 ක් නැවත කැදවීමට තීරණය කර තිබේ.

එම මෝටර් රථවල දෙවැනි ආසනයේ වම්පස ආසන පටි තද කරන බකලය සහ එම ආසනයේම මැද ආසන පටි තද කරන බකලය නිවැරදිව සවි කර නොතිබීම මීට හේතු වී ඇත.

අදාල මෝටර් රථවල මෙම බකල සවිකිරීමේ දී වම දකුණ මාරු කර සවි කර ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙලෙස ටෙස්ලා සමාගම විසින් අලෙවි කරන ලද මෝටර් රථ 105ක් අදාල වරද සම්බන්ධයෙන් අලුත්වැඩියා කටයුතු සිදු කර වගකීම් හිමිකම් ඇතුළුව සේවා අලුත්වැඩියා කිරීම් ඉල්ලා තිබේ.

මෙම ආපසු කැඳවීමේ තීරණයට හේතුවී ඇත්තේ ද අදාළ අත්වැරදීම බව ඇමරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂක පරිපාලනය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Aruna