Saturday, October 26, 2024
Follow Us
යූරියා පොහොර රැගත් නෞකාවක් දිවයිනට

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකාව පැමිණ ඇත්තේ චීනයේ සිටයි. ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් ණය වශයෙන් ලබා දී තිබෙනවා.

මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සදහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරය යටතේ මෙම යූරියා පොහොර තොගය ගෙන්වීමට පියවර ගත් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

මාස් කන්නයේ වී වගාව තවමත් රට පුරා ආරම්භ වී නැතත් වී වපුරා දින 14ක් තුළ යෙදිය යුතු පළමු යූරියා පොහොර යෙදුම සදහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණයන් මේවනවිටත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

මහ කන්නය සදහා අවශ්‍ය යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් එක් ලක්ෂ 20,000ක් රැගත් දෙවන නෞකාව ලබන මස අවසන් සතියේ මෙරටට ළගා වීමට නියමිතව තිබෙනවා.

Neth