Saturday, October 26, 2024
Follow Us
රටවල් 80ක රූ රැජිනියන් සමග MISS TOURISM 2022 ශ්‍රී ලංකාවේ

Miss Tourism 2022 ජාත්‍යන්තර සංචාරක රූ රැජින තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඒ අනුව, දෙසැම්බර් 08 වනදා සිට 21 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වෙන අතර ඊට ලෝකයේ රටවල් 80ක රූ රැජිනියන් සහභාගී වන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

එම තරගාවලිය අතරතුර ඔවුන් මහනුවර, අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, ඇල්ල, අරුගම්බේ, මිරිස්ස ඇතුළු මෙරට ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශවල සංචාරය කරනු ඇති අතර එයින් ලෝකයේ රටවල් 80ක් තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙනු ඇති බවත් ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම ජාත්‍යන්තර තරගාවලිය ශ්‍රී ලංකාවෙහි පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමුවරට බව පැවසූ ඩයනා ගමගේ මහත්මිය රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරගැනීම සඳහා මෙය මහඟු අවස්ථාවක් බවත් පෙන්වා දුන්නාය.

මිස් ටුවරිස්ම් 2022 ගෝලීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිං මහතා සහ ස්පාඤ්ඤ රූ රැජින දැනටමත් මෙරටට පැමිණ සිටින අතර ඔවුහු තරගාවලිය සඳහා අවශ්‍ය පූර්ව සැලසුම් කටයුතුවල නිරත වී සිටිති.

LNW