Saturday, October 26, 2024
Follow Us
ප්‍රහාරක යානයක් මහල් නිවාසයක වදී

මහල් නිවාසයේ අනතුරින් 15ක් මරුට


රුසියානු එස්. යූ. 34 ප්‍රහාරක යානාවක් යේසන් නගරයේ මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීමෙන් 15 ක් ජීවිතක්ෂයට පත් වී 30 ක් බරපතළ තුවාල ලබා ඇත.

එම යානාවේ නියමුවා දිවි ගලවාගෙන ඇති අතර ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානාව ගිනි ගැනීමට ලක්වීමෙන් පසු ස්වයංක්‍රීය ආසන සහිතව ඉවතට පැනගත් එම නියමුවා මහල් නිවාස සංකීර්ණය ගැන අවධානය යොමු කර නොමැත.

එම ප්‍රහාරක යානාව ජනශුන්‍ය පළාතකට පියාසර කරලීමට රුසියානු නියමුවා ක්‍රියාකර නොමැත.

Aruna