Saturday, October 26, 2024
Follow Us
ඖෂධ දියර වර්ගයක් පානය කළ දරුවන් 100ක් මියයයි

සිරප් සහ ඖෂධ දියර අලෙවිය තහනම් කිරීමට පියවරගනී


කුඩා දරුවන් සදහා ලබාදෙන සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ඉන්දුනීසියාවේ දරුවන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉන්දුනීසියාව තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

එම ළමා මරණ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් පරීක්ෂා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එක් සිරප් වර්ගයක වකුගඩුවේ තුවාල ඇතිකරන රසායනික ද්‍රව්‍යයක් අඩංගු බවයි.

එම ඖෂධය එරට නිෂ්පාදනයක්ද නැතහොත් වෙනත් රටකින් ආනයනය කළ ඖෂධයක් ද යන්න අපැහැදිලි බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Aruna