Saturday, October 26, 2024
Follow Us
බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි

නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරයි


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ධුරයට පත්වී දින 45ක කාලයකින් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වූයේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමය.

ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතර පාලක conservative පක්ෂය තුළද ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවීමට හේතුවුණි.

Downing වීදියේ සිය නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අගමැති ලිස් ට්‍රස් සඳහන් කළේ පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත්ය.

කෙසේ නමුත් නව පක්ෂ නායකයෙකු තෝරා ගන්නා තුරු තමා ධුරයේ රැඳී සිටින බව ද අගමැතිනි ලිස් ට්‍රස් සඳහන් කළේය.

Aruna