Saturday, October 26, 2024
Follow Us
ශ්‍රී ලංකා පිලට ජය

ශ්‍රී ලංකා පිල තරගාවලියේ ප්‍රධාන වටයට සුදුසුකම් ලබයි


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීම සදහා අද පැවැති තරගයෙන් ලකුණු 16කින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් පමණක් දැවී ලකුණූ 162ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් රැස්කර ගැනීමට සමත් විය.

කුසල් එම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ පන්දු 44කදීයි.

කුසල්ගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වේ.

කුසල්ට අමතරව චරිත් අසලංක ලකුණු 31ක් රැස්කර ගත්තේය.

භානුක රාජපක්ෂ ලකුණු 19යි.

පැතුම් නිශ්ශංක ලකුණු 14යි.

අනතුරුව පිටියට පැමිණි නෙදර්ලන්ත පිලට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 146ක් පමණීයි.

නෙදර්ලන්තය වෙනුවෙන් මැක්ස් ඩොව්ඩ් ලකුණු 75ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

මහීෂ් තීක්ෂණ කඩුළු 2යි.

ලහිරු කුමාර කඩුළු 1යි.

බිනුර ප්‍රනාන්දු කඩුළු 1යි.

තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලකුණු 79ක් රැස්කර ගත කුසල් මෙන්ඩිස්ය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතර සුදුසුකම් ලබා තිබේ.

Aruna