Saturday, October 26, 2024
Follow Us
2022 වසරේ බුකර් සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවෙයි

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් වුවා.

2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman - The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිස ඇත.
සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන 'සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා' (Seven moons of Mali Almeida) ය.

වෘත්තීය ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලක උපත ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්කයේයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබු ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය. ඒ,1992 වසරේ 'ඉංග්ලිෂ් පේෂන්ට්' (The English Patient) කෘතිය වෙනුවෙනි.

Neth