Saturday, October 26, 2024
Follow Us
කොවිඩ් පාලන රෙගුලාසි හදිසියේ ලිහිල් නොකරන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා චීනය තුළ පනවා ඇති උපාය මාර්ග කඩිනමින් ලිහිල් නොකරන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසනවා.

චීනයේ පාලක පක්‍ෂය වන චීන කොමියුනිස්ට් පක්‍ෂයේ 20 වන ජාතික කොංග්‍රසය අමතමින් චීන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනය තුළ ක්‍රියාත්මක දැඩි කොවිඩ් පාලන උපාය මාර්ග සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්ද පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඇතැම් පාර්ශව මත පළ කර තිබුණේ එම දැඩි රෙගුලාසි ලිහිල් කිරීම සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාතික කොංග්‍රසයේදී චීන ජනාධිපතිවරයා විසින් යම් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවටයි. කෙසේවෙතත් එම අනාවැකි අසත්‍යයක් බවට පත් කරමින් චීන ජනාධිපතිවරයා එහිදි පවසා ඇත්තේ කොවිඩ් ශුන්‍ය කිරීමේ චීනයේ උපාය මාර්ග වහාම ලිහිල් නොකරන බවයි.

Neth