Saturday, October 26, 2024
Follow Us
ජනතාව වීථි බසී

තෙල් සේවකයින් වර්ජනයක


ඉහළ යන ජීවන බරට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර දහස් ගණනක් ජනතාව වීථි බැස විරෝධතාවල නිරත වෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ වැටුප් වැඩි නොකිරීම, තෙල් මිල ඉහළ යාම හමුවේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවට පවසමින් මොවුන් විරෝධතාවල නිරතවන බවය.

මෙම විරෝධතා සඳහා වාමාංශික පක්ෂ නායකයෙකු වන ජෝන් ලුක් සහ මේ වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගලාභී ඇනී අර්නොක්ස් ද සහභාගිවී තිබේ.

ඊයේ පැවති රැළියට පමණක් 140,000 ක ජනතාවක් සහභාගි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ වනවිට ප්‍රංශයේ ඉන්ධන හිඟයක් ද පවතින අතර, ඊට හේතු වී ඇත්තේ තෙල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයයි.

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින විරෝධතා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ පාලනයට දැඩි අභියෝගයක් එල්ල කරන බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

Aruna