Saturday, October 26, 2024
Follow Us
තිරිඟු පිටි අපනයනය තහනම් කෙරේ

දේශීය තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීම ගත් පියවර


ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කිරීමට (15) සිට පියවර ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ දේශීය තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් තිරිඟු අස්වැන්න එරට තුළ පහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ණයවර ලිපි විවෘත කර ඇති සහ ආහාර සුරක්ෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඉල්ලුම් කර ඇති රටවල් සඳහා පමණක් තිරිඟු පිටි අපනයනයට අවසර ලබාදී ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

මෙය තාවකාලික තහනමක් පමණක් බවට ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

අපනයන තහනම පැනවීමට පෙර ඉන්දියාව ටොන් මිලියන10 ක් අපනයනය කිරීමට සැළසුම් කර තිබේ.

Aruna