Saturday, October 26, 2024
Follow Us
ජාත්‍යන්තර තරඟයකට ගිය ශ්‍රී ලංකා නිරූපිකාවකට අකරතැබ්බයක්

ඉන්දුනීසියාවේ පැවැත්වෙන “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” රූ රැජිණ තරඟය සඳහා සහභාගිවීමට ගිය ශ්‍රී ලාංකික නිරූපිකාවකට කටුනායක ගුවන් තොටුපළේදී අකරතැබ්බයක් සිදුව තිබෙනවා. ඒ, ඇය එම තරඟය සඳහා රැගෙන ගිය ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇඳුමෙහි බර වැඩිවීම හේතුවන්.

නමින් නිහාරි පෙරේරා වන ඇය නෙත් නිවුස් වෙත පැවසුවේ තමන් රැගෙන ගිය ඇඳුමෙහි බර වැඩිවීම හේතුවෙන් එය ශ්‍රී ලංකාව තුළ දමා යාමට සිදුවූ බවයි. ඇය රැගෙන ගොස් ඇති ඇඳුමෙහි බර කිලෝ ග්‍රෑම් 27 ක්.

තමන් සහභාගී වූ තරඟය හා ඊට සුදුසුකම් ලැබූ ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙහිදී විමසා සිටියා.

මෙවැනි රූ රැජිණ තරඟවලදී රට නියෝජනය කරන ඇඳුමින් සැරසී කරන ඉදිරිපත් කිරීම වැදගත් අංගයක් වනවා. ඉන්දුනීසියාවේ පැවැත්වෙන “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ දස වන වරටයි. ඒ සඳහා රටවල් 68 ක් නියෝජනය කරමින් තරඟකාරියන් සහභාගි වනවා. තරඟාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තොම්බර් 25 වනදායි.

Neth