Saturday, October 26, 2024
Follow Us
දරුවන්ට මරු කැඳවූ පැණිය අත්හිටුවන්නැයි නියෝග

මතභේදාත්මක කැස්ස පැණිය නිෂ්පාදනය කිරිම සම්පූර්ණයෙන් අත්හිටුවන්නැයි ඉන්දිය බලධාරීන් අදාළ නිෂ්පාදන සමාගමට නියෝග කර තිබෙනවා.

හර්යානා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රාන්ත රජය විසින් අදාළ සමාගමට එම නියෝගය නිකුත් කර ඇති බවයි. එමෙන්ම මධ්‍යම සහ ප්‍රාන්ත රජයේ ඖෂධ දෙපාර්තමේන්තු කණ්ඩායම් විසින් සිදුකළ ඒකාබද්ධ පරීක්ෂණයකදී ඖෂධ නිෂ්පාදනයේ දෝෂ සහගත තත්ත්වයන් 12 ක් සොයා ගැනුණු බව ප්‍රාන්ත රජය අදාළ සමාගමට මේවනවිටත් දැනුම් දී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියානු ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදිත කැස්ස පැණියක් හේතුවෙන් ගැම්බියාවේ දරුවන් පිරිසක් මියගිය බවට වාර්තා පළවීමත් සමගයි මෙම අර්බුධකාරී තත්ත්වය උද්ගත වුණේ.

Neth