Saturday, October 26, 2024
Follow Us
රුසියාවට තවත් සම්බාධක පනවන්නැයි යුක්රේනයෙන් ඉල්ලීමක්

සිය රට ඉලක්ක කර ඉකුත් දා එල්ල කළ ප්‍රහාර මාලාව හමුවේ රුසියාවට තවදුරටත් සම්බාධක පනවන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

යුක්රේනයේ නගර රැසකට එල්ල වූ අදාළ ප්‍රහාර මාලාව හමුවේ පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුවා. ප්‍රහාරවලින් සිදුවන්නේ යුක්රේනය යළි නැගී සිටීම පමා වීම පමණක් බව ද ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර යුක්රේනයට සහය ලබාදීමට සහ රුසියාවට දේශපාලන වශයෙන් පීඩනයක් එල්ල කළ හැකි නව මාවත් සොයා ගන්නා ලෙස ද යුක්රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ මාර්ගගත ක්‍රමය හරහා ජී 7 නායකයින් අමතමින්. එහිදී මූල්‍ය, මානුෂීය සහ හමුදාමය වශයෙන් යුක්රේනයට තවදුරටත් සහයෝගය ලබාදීමට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව, ජපානය, ඉතාලිය සහ ජර්මනිය එකගතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

Neth