Saturday, October 26, 2024
Follow Us
චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවය සඳහා දින නියම වී තිබෙනවා. ඒ අනුව 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔහුගේ රාජාභිෂේකය පැවැත්වීමට නියමිත බවයි බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත්තේ.

චාල්ස්, බ්‍රිතාන්‍යයේ රජු ලෙස මේවනවිටත් නම් කර ඇති නමුත් චාරිත්‍රානුකූලව සිදුවන සාම්ප්‍රදායික අභිෂේක මංගල්‍යය බ්‍රිතාන්‍යය රජ පවුලේ අතිශය වැදගත් උත්සවයක්.

ඒ අනුව බ්‍රිතාන්‍යයන් රජ පවුල අභිෂේක උත්සවයකට සූදානම් වන්නේ වසර 70 කට පසුවයි. එමෙන්ම බ්‍රිතාන්‍යය රජ පවුලේ රාජාභිෂේකයක් සෙනසුරාදා දිනයේදී පැවැත්වෙන්නේ 1902 වසරින් පසුව පළමු වරට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Neth