Saturday, October 26, 2024
Follow Us
මවු කිරිවල ප්ලාස්ටික් විෂ

වෛද්‍ය පර්යේෂකයෝ බිය පළ කරයි


මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති.

මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි.

ඉතාලි පර්යේෂකයන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ ඉතාලියේ නිරෝගී මවුවරුන් 34 දෙනකුගෙන් ලබා ගත් මවු කිරි සාම්පල විශ්ලේෂණය කළ අවස්ථාවේදීය.

පර්යේෂණය සඳහා තෝරාගත් මෙම මවුවරුන් 34 දෙනා, දරු ප්‍රසූතිය සිදුවී සතියක් ගත වුණු මවුවරුන් බව ද ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

“ප්ලාස්ටික් විෂ ජීවීන්ගේ සිරුරුවලින් හමුවීම බිහිසුණු තත්ත්වයක්. ඒවා සෛලවලට බලපානවා. පිළිකා ඇති කරනවා. මවු කිරිවල ප්ලාස්ටික් විෂ තිබීම කොතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ” යැයි පර්යේෂණයට සම්බන්ධ වූ ඉතාලි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මයික්‍රෝ-ප්ලාස්ටික් (ක්ෂුද්‍ර-ප්ලාස්ටික්) ලෙස හැඳින්වෙන්නේ මිලිමීටර් 5 ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශුය.

මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් අඩංගු බව තහවුරු වීමෙන් පෙනී යන්නේ මනුෂ්‍යයන්ගේ සිරුරුවල ද ප්ලාස්ටික් විෂ අඩංගු වන බව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Aruna