ජනපති පාර්ලිමේන්තුවේදී කි දේ ගැන රොයිටර් කි දේ
ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සමුළුවක සම සභාපතිත්වය දැරීමට ජපානය මෙතෙක් එකඟ වී නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි
ජපානයේ ටෝකියෝ හි උසස් රාජ්‍ය නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට මේ බව පවසා ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාවට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික ණය දෙන්නන් ද ඇතුළුව ඩොලර් බිලියන 30 ක පමණ විදේශ ණය ගැන නැවත සාකච්ඡා කිරීමට සිදු වී ඇති බවද එම පුවත් සේවයේ වාර්තා කර ඇත
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ (06) පාර්ලිමේන්තුව දී ප්‍රකාශකලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය සමුළුවක සම සභාපතිත්වය දැරීමට ජපානය එකඟ වී ඇති බවයි
Tharunie