අලි සබ්රි හෙට ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවිය.
සමුළුවට එක්ව සිටින ලෝක නායකයන් වෙනුවෙන් ඇමෙරිකානු ජනපතිවරයා ලබාදෙන සාම්පදායික රාත්‍රි භෝජන සංග්‍රහයට සමගාමිව මෙම හමුව සිදුව තිබේ.
නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී, හෙට (24) දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
Aruna