Saturday, October 26, 2024
Follow Us
ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අරඹයි

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක්


ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා සුහදශීලීව පැවත්වූ බවය.

ආර්ථික අර්බුදයෙන් බැට කන සිය අසල්වැසියාට දිගුකාලීන ආයෝජන හරහා සහාය ලබාදීමට සූදානම් බව එහිදී ඉන්දියාව වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වන වැඩසටහනක් සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

Aruna