Saturday, October 26, 2024
Follow Us
අනතුරුදායක මොනරුන් දකින්න නොඉවසිල්ලෙන් ඉන්න ජූලි චන්ග් !

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අද දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වූවාය. මාතරදී තරුණ තරුණියන් පිරිසක් හමු වූ තානාපතිනිය රුහුණු විශ්වවිද්‍යාලයේද සංචාරයක නිරතව තිබෙනවා.

දකුණේ සංචාරයක නිරතවෙමින් සිටියදී ඇය අපූරු ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි සටහන් වන්නේ භයානක මොනරුන් පිළිබඳව පළමුවරට ඇසූ බවයි. භයානක මොනරුන් දැකීමට තමා නොඉවසිල්ලෙන් පසුවන බවද තානාපතිනිය පවසනවා.

මෙම ට්විටර් පණිවුඩය සමග ජූලි චන්ග් දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්නයේ ස්ථාපිත කර ඇති පුවරුවක ඡායාරූපයක් පළකර තිබෙනවා. එහි ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වන්නේ ‘Danger Peacocks ahed’ යනුවෙනි.

LNW