Sunday, October 27, 2024
Follow Us
මැණිකේ මගේ හිතේ, සිංහලෙන් හින්දි ගීතයකට යයි - පැය 6ට මිලියන 3ක් නරඹයි

ලොව පුරා දැඩි අමන්දානන්දයක් ඇති කළ මෙරට ගායිකා යොහානි ද සිල්වා ප්‍රතිනිර්මාණය කළ මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි නිර්මාණය ඉන්දියාවේ හින්දි චිත්‍රපටයක් සදහා යොදා ගෙන තිබෙනවා.

ලබන විසිපස් වනදා එළි දැක්වීමට නියමිත “තෑන්ක් ගෝඩ්” චිත්‍රපටයට ඇතුළත් මෙම ගීතය නම් කර ඇත්තේ ද මැණිකේ යන නමින්. එම ගීතය අද පළමුවරට එළි දක්වනු ලැබුවා. එම හින්දි ගීතයට සිංහල වචන පේළි කිහිපයක් ද එක් කර තිබුණා.

අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. ලෝක ප්‍රකට “ටී සීරිස්” ලේබලය යටතේ මෙම ගීතය එළි දක්වා ඇති අතර එහි නිර්මාණකරුවන් අතරට මැණිකේ මගේ හිතේ ගීතයේ නිර්මාණකරුවන් වන යොහානි, සතීශාන්, චමත් සංගීත් සහ දුලාන් ඒආර්එක්ස්ගේ නම් ද ඇතුළත් කර තිබෙනවා.

Neth