Sunday, October 27, 2024
Follow Us
ලංකාවටත් එන ඉන්දියාවේ අදානි ලොව ධනවතුන් අතර දෙවන තැනට

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් කතාබහක් මතු වූ ඉන්දීය අදානි සමාගමේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි, ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය රැසක් අද වාර්තා කර තිබුණේ ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 155යි දශම 5ක් බවයි. කෙටි කාලයක් තුළ අදානි සමාගමේ කොටස්වලට ඉහළ වටිනාකමක් ලැබීම මීට හේතුවයි. ඒ අනුව ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 5යි දශම 2කින් වැඩි වී ඇත්තේ සියයට 3යි දශම 4යි 9ක වැඩිවීමක් පෙන්නුම් කරමින්. ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන තුන අතරට ආසියානු ජාතිකයෙකු පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ගෞතම් අදානි ලොව දෙවන ධනවතා බවට පත්ව ඇත්තේ මෙතෙක් කලක් එම ස්ථානයේ සිටි ප්‍රංශ ව්‍යාපාරික බර්නාඩ් ආර්නෝල්ට් තුන්වන තැනට පත් කරමින්. තවමත් ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ටෙස්ලා සමාගමේ ඒලෝන් මස්ක්. ඔහුගේ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 273යි දශම 5ක්.

ඇමසන් නිර්මාතෘ ජෙෆ් බේසස් එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවනවා. ඉන්දියාවේ තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානි සහ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ද ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනා අතර සිටිනවා.

Neth