Sunday, October 27, 2024
Follow Us
අමෙරිකාවෙන් ඩොලර් මිලියන 65ක තවත් ආධාරයක්

ජාත්‍යන්තර සංවර්ධන සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය හෙවත් USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 65 ක ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, වසර පහක කාලයක් සඳහායි. එහි ශ්‍රී ලංකා වටිනාකම රුපියල් බිලියන 23 ට අධිකයි.

ඊට අදාළ නව ගිවිසුමට ද අත්සන් තබා අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් පැවසුවේ USAID පරිපාලක සමන්තා පවර් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළ අමෙරිකානු ඩොලර් මිලියන 60 ක ආධාරවලට අමතරව මෙම අරමුදල් ලබාදෙන බවයි.

1956 වසරේ සිට ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් අමෙරිකාව විසින් ඩොලර් බිලියන දෙකකට අධික මුදලක් ලබාදී ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළා.

Neth