Sunday, October 27, 2024
Follow Us
ශ්‍රී ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදලට ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ වාර්තාවෙන් බාධාවක් ඵල්ල නොවනු ඇතැයි ආර්ථික විශ්ලේෂයකින් පවසනවා.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිත මුදලින් රට ගොඩනැගීමට නොහැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල නෙත් නිවුස් වෙත පැවසුවේ.

ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ ආර්ථික අපරාධ යනු කුමක්ද ?

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව පසුවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණයහිමි ප්‍රධාන රටවල්වල සහභාගිත්වයත් කඩිනමින් සිදුවනු ඇති බවත් අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි යෝජනාවලට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේත් දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

කොටසක් පමණක් නොව ණය අර්බුදය සම්බන්ධයෙන් සම්පූර්ණ ගැටලුවම දැකීමට අවශ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා පවසනවා. එබැවින් සැබෑ තොරතුරු අත්‍යවශ්‍ය බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

ණයහිමියන් සියලු දෙනාටම එක හා සමාන ප්‍රතිපත්තියකින් සැලකීම අවශ්‍ය බවත්, සියලු ණයහිමියන් එක් කරන සංවිධානාත්මක සැලැස්මක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වාදී තිබෙනවා.

ණයහිමියන් සමඟ මෙන්ම සෙසු සංවිධාන සමඟ සමාන අයුරින් කටයුතු කිරීම, අදාල රටවල දේශපාලන අභිලාශය මත තීරණය වනු ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියානා ජෝර්ජියේවා ප්‍රකාශ කර ඇත්තේ. ඉන් අනතුරුව සෑම පාර්ශවයකටම යෝග්‍ය තීරණයකට එළඹිය හැකි බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

Neth