Sunday, October 27, 2024
Follow Us
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ලසාඩ් ආයතනය සාකච්ඡා අරඹයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ලසාඩ් ආයතනය මේ වන විට මෙරටට ණය ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

වැඩබලන කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ එම සමාගම මේ වනවිටත් ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 13 පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශන ආයතන කිහිපයක සහයද ලබාගෙන ඇති බවයි.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති වූ එකගතා ඉදිරියේදී අදාළ පාර්ශවලට ලබාදෙන බව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වැඩබලන කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් සදහන් කළා.

Neth