Sunday, October 27, 2024
Follow Us
ක්‍රික් ඉන්ෆෝ ආසියානු ක්‍රිකට් කණ්ඩායමට ලංකාවේ 4ක්

ආසියානු කණ්ඩායමේ නායකත්වය දසුන්ට


ක්‍රිකට් ක්‍රීඩාවටම පමණක් වෙන් වූ ජනප්‍රිය වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ආසියානු ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

එම කණ්ඩාය‌මේ නායකත්වය ශ්‍රී ලංකාවේ දසුන් ශානකට හිමිව ඇත.

2022 ආසියානු ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතාවයන් සැළකිල්ලට ගෙන එම වෙබ් අඩවිය ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම නම් කර තිබේ.

ඊට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග ද ඇතුළත් වේ.

සම්පූර්ණ කණ්ඩායම පහතින්….

කුසල් මෙන්ඩිස්
රහමතුල්ලා ගුරුබාස් (කඩුළු රකින්නා)
විරාට් කෝලි
ඊබ්‍රාහිම් සඩ්රාන්
භානුක රාජපක්ෂ
දසුන් ශානක (නායක)
වනිදු හසරංග
මොහොමඩ් නවාස්
බුවනේශ්වර් කුමාර්
හාරිස් රවුෆ්
නසීම් ෂා

Aruna