Sunday, October 27, 2024
Follow Us
රැජිණ එනතුරු පිලිප් කුමරුගේ දේහය ලන්ඩනයේ දේවස්ථානයක

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට එරට එඩින්බර්ග් නුවර හෝලිරූඩ් හවුස් වෙත රැගෙන එමින් තිබෙනවා.

දේහය රැගත් රිය පෙරහර අගනුවර බලා එන මග දෙපස ඊට අවසන් ගෞරව දැක්වීම සඳහා ස්කොට්ලන්ත වැසියන් බොහෝ දෙනෙකු එක් රැස්ව සිටියා. හෝලිරූඩ් හවුස් හි 12 පස්වරුව දක්වා තැන්පත් කර තිබෙන රැජිනගේ දේහය 12 පස්වරුවේ එංගලන්තය බලා රැගෙන ඒමට නියමිතයි. බ්‍රිතාන්‍යය රජෙකු හෝ රැජිණක් 1542 වසරින් පසුව ස්කොට්ලන්තයේදී අභාවප්‍රාප්ත වූ පළමු අවස්ථාව මෙය බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර අභවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. ඇයගේ දේහය ලන්ඩනයේ පිහිටි සාන්ත ජෝර්ජ් දේවස්ථාන පරිශ්‍රයේ මිහිදන් කිරීමට නියමිතයි.

රැජිනගේ ස්වාමි පුරුෂයා වූ පිලිප් කුමරුගේ දේහයත් එදින මිහිදන් කරන බව බ්‍රිතාන්‍යය මාධ්‍ය සඳහන් කළා. ඉකුත් 2021 වසරේ අප්‍රේල් මාසයේදී අභාවප්‍රාප්ත වූ පිලිප් කුමරුගේ දේහය රැජින මියයන තෙක් සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ තැන්පත් කර ඇති බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය අනාවරණ කරන්නේ.

දෙවන එලිසබෙත් රැජිනගේ පියා, මව සහ සොහොයුරියගේ දේහයන් ද මිහිදන් කර ඇත්තේ එම දේවස්ථාන පරිශ්‍රයේ බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණ කළා.


Neth