Sunday, October 27, 2024
Follow Us
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ද මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ට සාපේක්ෂව මෙහි ප්‍රධාන වෙනසක් ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පැවසුවේ.

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ලිඛිත වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මෙහිදී පැහැදිලි කළා.

මෙම වාර්තාවෙන් මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව ඒ ශ්‍රේණියේ සිට බී ශ්‍රේණිය දක්වා පහළ දමා ඇති බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මෙහිදී සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා මෙරට විපක්ෂය නියෝජනය කරමින් ද පිරිසක් ජිනීවා නුවර වෙත ගොස් තිබෙනවා. මේ, එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන.

මේ අතර රජය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් ජිනීවා වෙත ගොස් සිටිනවා.

අරගලකරුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ නුවන් බෝපගේ පැවසුවා.

Neth