Sunday, October 27, 2024
Follow Us
තවත් වසර 63ක් යන තෙක් විවෘත කළ නොහැකි, බ්‍රිතාන්‍ය මහ රැජිණ සිය අතින් ලියු විශේෂ ලිපිය

දෙවන එලිසබෙත් රැජින විසින් 'සිඩ්නි හි පුරවැසියන්' සඳහා අතින් ලියන ලද පණිවිඩයක්' එම නගරයේ පිහිටි ගොඩනැඟිල්ලක් තුළ තබා ඇති අතර එය තවත් වසර 63ක් ගතවෙන තෙක් කියවිය නොහැකි වීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි නගරයේ පිහිටි පෞරාණික වටිනාකමකින් යුත් වික්ටෝරියා රැජිණ ගොඩනැගිල්ලේ තබා ඇති එම ලිපිය වසර 2085 තෙක් විවෘත නොකළ යුතු බවට දැඩි උපදෙස් සහිතව කාල කැප්සියුලයක් තුල තබා ඇත.

1986 නොවැම්බරයේදී ගොඩනැගිල්ලේ සිදුකරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව එලිසබෙත් රැජිණ විසින් මෙම ලිපිය ලියා ඇත.

සිය අත් අකුරෙන් ලියන ලද එම ලිපියේ අන්තර්ගතව ඇත්තේ කුමක්ද යන්න ඇයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පවා නොදන්නා අතර බොහෝ සිඩ්නි වැසියන්ට එහි ඇත්තේ කුමක්ද කියා දැන ගැනීමට නොහැකි වනු ඇත.

සිඩ්නි හි පිහිටි වික්ටෝරියා රැජිණ ගොඩනැගිල්ලේ ඉහළ පිහිටි ගෝලාකාර විදුරු පෙට්ටියක් තුළ මෙම ලිපිය තැන්පත් කර ඇති අතර එය දකින අයෙකුට පිටතින් දිස්වන්නේ "ගෞරවනීය සිඩ්නි නගරාධිපතිවරයා" වෙත යනුවෙන් එහි දැක්වේ.

'සුබ පැතුම්. ක්‍රිස්තු වර්ෂ 2085 දී ඔබ විසින් තෝරා ගැනීමට සුදුසු දිනයක කරුණාකර මෙම ලියුම් කවරය විවෘත කර සිඩ්නි හි පුරවැසියන්ට මගේ පණිවිඩය ඔවුන්ට දන්වන්න.' යනුවෙන් රැජිනගේ අත්සනින් යුතුව එහි සඳහන්ව ඇත.

1898 වර්ෂයේදී විවෘත කරනු ලැබූ මෙම ගොඩනැගිල්ල වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලියට ගෞරවයක් වශයෙන් ඇයගේ නම එහි සඳහන් කිරීමට සිඩ්නි පාලනාධිකාරිය තීරණය කෙරුණා.

Neth